Monday, August 17, 2009

Blog Thiefs බ්ලොග් හොරු නිර්මාණය

ඔන්න ඉතිං හුග කාලෙකින් පරිගණක සගරාවක්(අගෝස්තු කලාපය ) ගත්තා. "අන්තර්ජාලය හරහා මුදල්, එක් දින සහ තුන් දින පාඨමාලා " කියලා දැන්වීමක් දාලා තිබුනා. දවස් 3 පාඨමාලාවේ කන්න බොන්නත් දෙනවලු, තමන්ගේ නමින් වෙබ් අඩවියක් අවුරුද්දකට නොමිලේ දෙනවලු, 2GB pendrive එකක් දෙනවලු, නීතය්යානුකූල Data Entry Works රැසක් දෙනවලු. එක් දින නම් මෙච්චර දෙවල් දෙන්නේ නැහැ, නීතය්යානුකූල මුදල් උපයන ක්‍රම, වෙබ් අඩවි නිර්මානය,Ads Click කිරීමෙන් මුදල් උපයන ක්‍රම, Data Entry Jobs ගන්න විදිය අනෙකුත් මුදල් උපයන ක්‍රම ඇතුළු අන්තර්ජාලයේ රහස් දෙනවලු. මාරයිනෙ.......

මේකේ තියෙන විදියට මාසෙකට රුපියල් 100,000/= වඩා වැඩි ආදායමක් ලබන්න පුලුවන්ලු. පිස්සු හැදෙනවා නේද? හැබැයි මෙහෙම උනොත් එහෙම Google යන එන මන් නැති වෙනවා. පව් නේ Google .... ආයේ දෙකක් නෑ බන්කොලොත් වෙන එක ෂුවර් and ෂොට්...

අනේ යාලුවනේ මෙවලට රැවටෙන්න එපා. මම blogs ලියන්න පටන් ගත්තේ 2005 දි. එතකොට blogs ලියන අය හිටියේ පොඩ්ඩයි. එත් දැන් ගොඩාක් අයට blogs තියෙනවා. Google Adsense සහ eBay affiliate programවගේ ඒවා හොදයි. ඒවලින්නම් මුදල් හොයන්න පුලුවන්.එත් අපේ අයියලා (ඔය Ads දාලා තියෙන අය) කරන්නේ මේවා පාවිච්චි කරලා එයලගේ මල්ල තර කර ගන්න එක. එයාලගේ Clicks වැඩි කර ගන්න එක. ඔන්න දැන් FaceBook එකෙනුත් එයාලගේ Clicks වැඩි කර ගන්න දෙවල් කරනවා.

ගිය සුමානේ මගේ යාලුවෙක් Ad Clicks වැඩි කර ගන්න ගිහින් අමරුවේ වැටුනා. තව යාලුවෙක් ලංකාවේ survey site එකක register වෙලා 10$ නැතිකර ගත්තා.

මේකෙන් වෙන්නේ බ්ලොග් හොරුන්ව හදන එක. පොඩ්ඩක් හිතලා බලන්න.Web2.0 කියන්නේ බ්ලොග් හොරුන්ව හදන එක නෙමේ....

Web 2.0 is linking people , sharing, trading and collaborating. We’ll need to rethink a few things. Copyright, authorship, identity, ethics, aesthetics, rhetorics, privacy, commerce, love, family and ourselves. Watch this web 2.0 video --> web 2.0 video

4 comments:

Indranama said...

"මේකෙන් වෙන්නේ බ්ලොග් හොරුන්ව හදන එක."

ඒක නම් සහතික ඇත්ත සහෝදරයා. දැං හරියට බ්ලොග් හොරු. අපි මහන්සිවෙලා ලියන ලිපි ගෙඩිපිටින් උස්සලා තියෙනවා දැක්කාම කාටද තරහ නොයන්නේ? අනේ මංදා මේකට මොකද කරන්නේ කියලා..

Anonymous said...

අපි මහන්සියෙන් හදන බ්ලොග් ඉස්සුවාට කමක් නෑ.... ඒක කොහෙන්ද ගත්තේ කියලා දානවනම්. කොහෙද උන්ගෙ වගෙ ඒවා දා ගන්නවා.අම්මපා මුන්ව දිවියා කන්නම ඕන.

Anonymous said...

hey DUDE...nice post....I love Blogging, but never theft someones post. Loads of Sri Lankan bloggers do this.This is not fare.Most of porno blogs are here. We have to stop this, or government will block blogger.com or blogspot.com 'Cos Media Minster dont know what is blogspot.com

Chami said...

මචං මොලේ ටිකක් බලවගනින්......!!